Thursday, May 2, 2024

General line - 0115112241

හිජාබය ප්‍රතික්ෂේප කරන කාන්තාවන් සොයා ඉරානයේ මෙහෙයුම්




හිජාබය පැළඳීම ප්‍රතික්ෂේප කරන කාන්තාවන් සොයා ඉරානයේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල ස්මාර්ට් කැමරා පද්ධති ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි ඉරාන පොලීසිය පැවසුවේ.

ඒ හරහා කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් රට තුල ක්‍රියාත්මක දැඩි ඉස්ලාමීය නීති පද්ධතිය කඩකරන කාන්තාවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පමුණුවණ බව ද පොලීසිය සඳහන් කළා.

එලෙස කැමරා පද්ධති මගින් හඳුනා ගැනෙන හිජාබ් නීතිය උල්ලංඝනය කළ කාන්තාවන්  සඳහා වරද ඔප්පු කළ හැකි දත්ත ඉදිරිපත් කර අනතුරු ඇඟවීම් සිදු කරන බවත් ඉරාන පොලීසිය පවසනවා. එමෙන්ම එම වරද යලිත් සිදු කිරීමෙන් අත්විඳීමට සිදුවන නීතිමය ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද ඔවුන්ට කරුණු පැහැදිලි කරන බව ද ඉරාන පොලීසිය සඳහන් කළා.

හිජාබ විරෝධී රැල්ලක් සහ ඒ ඔස්සේ ඉරාන කාන්තාවන් හිජාබය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් ආරම්භ වී ඇති බැවින් එය වැළැක්වීම සඳහා ඉරාන රජය මෙලෙස නීති දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.