Thursday, May 2, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය සමග වෙළඳ සබඳතා පළුදු වී ඇති බවට වන වාර්තා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි




නිදහස් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමග සිදුකරන සාකච්ඡා නවතා දැමූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉන්දියාව පවසනවා. 

එම වාර්තා පදනම් විරහිත බවද ඉන්දීය රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

බ්‍රිතාන්‍යය පුවත්පතක් ඉකුත් දා වාර්තා කර ඇත්තේ ලන්ඩනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා වන ඉන්දු බ්‍රිතාන්‍යය සාකච්ඡා බිඳ වැටි ඇති බවයි. 

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ආරම්භ වුණේ ඉකුත් ජූනි මස 17 වනදායි. එහෙත් එම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණීමට මෙතෙක් හැකිවී නැහැ.