Tuesday, October 1, 2024

General line - 0115112241

අවුරුදු සමයේ අනතුරු ගැන විශේෂ වාර්තාවක්




අලුත් අවුරුද්දේදී චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් මෙන්ම වැඩි වශයෙන් ඇසෙන තවත් දෙයක් වන්නේ අවුරුදු සමයේ සිදුවන අනතුරුයි. සෑම වසරකම අලුත් අවුරුදු සමයේ විශේෂයෙන් අලුත් අවුරුදු දිනයේ සහ ඉන් පසු දිනයේ සිදුවන අනතුරුවල කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබුණා.

නිවෙස් තුළ සිදුවන අනතුරු හා මාර්ගයේදී සිදුවන අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරුද අවුරුදු කාලයේදී වැඩි වශයෙන් අසන්නට ලැබෙනවා. 

සෑම වසරකම අවුරුදු සමය යනු අනතුරු බහුල සමයක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේ. 

අවුරුචු සමයේ සිදුවන අනතුරු සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

එසේ නම්, අවුරුදු සමයේ අනතුරු අවම කර ගන්නේ කෙසේද? මේ, කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි, පුෂ්පා රම්‍යාණිද සොයිසා.

අවුරුදු ක්‍රීඩා සිදු කිරීමේදීද තමන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

යම් හෙයකින් අවුරුදු සමයේ අනතුරක් සිදු වුවහොත් කඩිනමින් ඊට ප්‍රතිචාර දක්වන්නේනම් බොහෝ ජීවිත බේරා ගැනීමට හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.