Wednesday, May 1, 2024

General line - 0115112241

නෙත් අවුරුදු චාරිත්‍ර අද දවස පුරා නෙල්ලිගල සිට සජීවීව




සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සියලු චාරිත්‍ර වාරිත්‍ර සහ නැකත් වේලාවන් ඔබ වෙත ගෙන ඒමට නෙත් එෆ් එම් රේඩියෝව ද සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

සෑම අලුත් අවුරුද්දකදී මෙන්ම මෙවර ද නිවැරදිව නැකත් වේලාවන් ඔබ වෙත සන්නිවේදනය කිරීමටයි නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කර ඇත්තේ. 

මෙවර නැකත් චාරිත්‍ර ගෙන එන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි. මේ ඒ පිළිබඳ කරුණු දක්වන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමි.