Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකාව අසරණ කළ රහස්‍ය ලේඛන මුදා හැරි සැකකරු අත්අඩංගුවට




රහස්‍ය දත්ත රැසක් අන්තර්ජාලයට මුදා හැර ලෝකය හමුවේ අමෙරිකාව අපහසුතාවට පත් කළ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙක්. එෆ් බී අයි නිලධාරීන් විසින් බොස්ටන් හිදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රජයේ රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත්කර ඇති ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පවරන බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ. ඉකුත් දා අන්තර්ජාලයට මුදාහැර තිබුනු එම රහස්‍ය දත්ත හරහා අමෙරිකාවේ මිත්‍රපාර්ශවීය රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් අනාවරණ වුණා.