Thursday, May 2, 2024

General line - 0115112241

පුණ්‍ය කාලයේදී වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

උපාලි ආනන්ද / සැම්සන් ප්‍රේමසිරි / මාධව කුලසූරිය / හේරත් ඒකනායක / එන් කේ නන්දසේන, 




අද පෙරවරු 08 යි 35 ට පුණ්‍ය කාලය ආරම්භ වීමෙන් අනතුරුව බොහෝ පිරිසක් වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ සිටින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැදපුදා ගැනීම සඳහා අද පෙරවරුවේ සිට සැදැහැවතුන් රැසක් පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක පැවසුවේ. 

ඓතිහාසික කලුතර බෝ සමිඳුන් සහ අලුත්ගම කන්දේ විහාරය වැඳ පුදා ගැනීම සඳහාද පුණ්‍ය කාලයේදී සැදැහැවතුන් රැසක් එක්ව සිටින බවයි නෙත් නිවුස් කලුතර වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි පැවසුවේ.

කතරගම පුදබිම වෙතද අද දිනයේදී සැදැහැවතුන් රැසක් පැමිණ සිටිනවා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බක්මහා මංගල්‍ය පෙරහැරද අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු එන් කේ නන්දසේන පැවසුවේ.

උදා වූ පුණ්‍ය කාලයේදී අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගැනීමටද බොහෝ පිරිසක් පූජා නගරය වෙත පැමිණ සිටිනවා. මේ ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු උපාලි ආනන්ද.

උතුරු පළාතේ ජනතාවද පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අලුත් අවුරුද්ද පිළිගැනීමට සූදානම් වනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.