Thursday, May 2, 2024

General line - 0115112241

සිය බලවත්ම බැලැස්ටික් මිසයිලයත් අත්හදා බැලූ බව උතුරු කොරියාව කියයි




නව ඝණ ඉන්ධන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා. එය මෙතෙක් අත්හදා බැලූ බලවත්ම මිසයිලය බවයි උතුරු කොරියාව සඳහන් කළේ.

ජපානය සහ දකුණු කොරියාව කැළඹූ මෙම මිසයිල අත්හදා බැලීම ආශ්චර්යමත් සාර්ථකත්වයක් බවයි උතුරු කොරියාව පවසන්නේ. ඝන ඉන්ධන මිසයිල, ද්‍රව ඉන්ධන මිසයිලවලට සාපේක්ෂව වේගවත් බවත් ඒවා හඳුනා ගැනීමට සහ බාධා කිරීම අපහසු බවත් උතුරු කොරියාව සඳහන් කළා.

සිය අත්හදා බැලීම හමුවේ ප්‍රතිවාදීන් අතිශයින් බියට හා කනස්සල්ලට පත්ව සිටින බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.