Thursday, May 2, 2024

General line - 0115112241

20 වනදා සිට ගාලු මුවදොර පිටියේ දේශපාලන කටයුතු සහ සංගීත සංදර්ශන තහනම්




මේ මස 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු සඳහා හැර සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වැනි කටයුතු සඳහා භාවිත කිරීමට අවසර නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ඒ මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් එම භූමිය වෙන් කිරීම සඳහායි. ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.