Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ අයර්ලන්තය අසරණ වෙයි




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය අදයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්ත කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුළු 5 ක් දැවී ලකුණු 62 ක් රැස්කර ගෙන සිටියා.

සිය පමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් අද දිනයේ ලකුණු 143 කට දවා ගැනීමට ශ්‍රී ලංකා යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත ඉනිමේ කඩුළු 07 ක් දවා ගත්තේ ලකුණු 52 කටයි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 38 කට කඩුළු 02 ක් දවා ගත්තා. 

අයර්ලන්ත දෙවන ඉනිමේ කඩුළු 02 බැගින් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ පළමු ඉනිමේදී කඩුළු 06 කට ලකුණු 591 ක් රැස් කළා.

ඒ අනුව කඩුළු 05 ක් අතැතිව සිටින අයර්ලන්ත කණ්ඩායම ශ්‍රි ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 407 ක් පිටුපසින් සිටිනවා.