Monday, May 6, 2024

General line - 0115112241

මැයි 1වනදා සිට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වෙනසක්

නිහාල් සිරි ගම්ලත් / තිසර සමල් සෝමරත්න




මැයි මස පළමු වනදා සිට රුපියල් මිලියන 200 ට වැඩි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලි විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විනිවිද භාවය, වගකීම් සහ කාර්යක්ෂමතාවය පදනම් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළ කළා.