Monday, May 6, 2024

General line - 0115112241

උතුරුමැදට නවමු අත්දැකීමක් ගෙන එන නෙත් කෝකිල වසන්තයේ සංගීත ප්‍රසංගයට සියල්ල සූදානම්




උතුරු මැද පළාතටම නවමු අත්දැකීමක් එක්කරමින් හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ සංගීත ප්‍රසංගය ආරම්භ කිරීමට මේවනවිටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

අද පෙරවරුවේ සිට දවස පුරා ළමා, තරුණ මෙන්ම වැඩිහිටි ජනතාවගේ ඉහළ සහභාගීත්වයෙන් පැවති තරඟ සඳහා බොහෝ දෙනෙක් එක් වූයේ මහත් ඕනෑකමින්.

“නෙත් එෆ් එම් කෝකිල වසන්තය” අද පෙරවරුවේ ආරම්භ වූයේ පාපැදි සවාරිය පැවැත්වීමත් සමඟින්. එම තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අරලගංවිල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් ඩී පැතුම් සම්පත් මෙලෙස අදහස් පළ කළා. 

ඉන් අනතුරුව පැවැත්වුණේ මැරතන් ධාවන තරඟයයි. බිබිල ප්‍රදේශයේ සිට පැමිණි ඩබ්ලිව් ඊ මධුරංග උපුල් කුමාර එම තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා. 

දිනය පුරා රැඳී සිටිමින් නවමු අත්දැකීම් ලැබූ ජනතාවගෙන් කිහිප දෙනෙකු ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

‘නෙත් එෆ් එම් කෝකිල වසන්තය හැඩගන්වන සංගීත ප්‍රසංගය සහ  තවත් තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ වනවා හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ රැඳී සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකාරිනී සප්නා කාවින්දි සමඟින්.
ආයුබෝවන් සප්නා,


නෙත් එෆ් එම් කෝකිල වසන්තය සඳහා මංචි බිස්කට්, ලංකා සෝයි,  සමපෝෂ, සෞභාග්‍යා සමූපකාර බැංකුව හා ඉමාෂි පබ්ලිකේෂන් අනුග්‍රාහකත්වය ලබාදෙනවා.