Monday, May 6, 2024

General line - 0115112241

අධික උෂ්ණත්වය හමුවේ ජල ඉල්ලුමත් ඉහළට - ජනතාවට සිහිකැඳවීමක්




දිවයිනේ පවතින අධික උෂ්ණත්වය හමුවේ ජල පරිභෝජනය සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. 

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය බෙදා හරින ජලය නිවසේ කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

විකල්ප ප්‍රභවයන් හරහා ජලය භාවිත කිරීමෙන් ජනතාවට අත්වන වාසි සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග අදහස් පළ කළා.

පවතින අධික උෂ්ණත්ව තත්ත්වය ලබන මැයි මාසය අවසන් වන තෙක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.