Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දියානුවන් මිලියනයකට අමෙරිකාවේ දොර ඇරෙයි




ඉන්දියානු වැසියන් මිලියනයකටත් වඩා වැඩි පිරිසකට මෙම වසරේදී වීසා නිකුත් කිරීමට අමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව අමෙරිකාවට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ඉන්දීය සිසුන් වෙනුවෙන් ශිෂ්‍ය වීසා බලපත්‍ර නිකුත් කිරීමට බයිඩ්න් පරිපාලනය කැපවනු ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන සිය පුරවැසියන්ට වීසා ලබාගැනීම සඳහා දිගු කාලීනව පොරොත්තු ලේඛණයේ සිටීමට සිදුව ඇති බව ඉන්දියාව මීට පෙර අවස්ථා කිහිපයකදී අමෙරිකාවේ අවධානයට යොමු කර තිබුණා. අමෙරිකාව වෙත පැමිණෙන විදේශීය සිසුන්ගෙන් දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය සිසුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර ඉන්දියානුවන් සඳහා වීසා නිකුත් කිරීමේදී රැකියා වීසා අපේක්ෂා කරන පිරිසකට ද ප්‍රමුඛත්වයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එහිදී තොරතුරු තාක්ෂණ වෘත්තියකයින් හට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති. අමෙරිකාවේ තාක්ෂණික සමාගම් සෑම වසරකදීම ඉන්දියාවෙන් සේවකයින් රැසක් සිය ආයතන සඳහා බඳවා ගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.