Tuesday, May 7, 2024

General line - 0115112241

දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ආරක්‍ෂක ප්‍රතිසංස්කරණයට ඕස්ට්‍රේලියාව සැරසෙයි




චීනයෙන් එල්ල වන තර්ජන හේතුවෙන් දිගු දුර මිසයිල මිලදී ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, එරට ආරක්‍ෂක සමාලෝචන වාර්තාවක් අනුවයි. 

ඒ අනුව දිගු දුර මිසයිල මිලදී ගැනීම සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 19ක මුදලක් වැය කිරීමට එරට බලධාරීන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

පිටු 110කින් සමන්විත ආරක්‍ෂක සමාලෝචන වාර්තාව අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියාව සිය ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකරන විශාලතම ප්‍රතිසංස්කරණය මෙය වනවා. මිසයිල යුගයේදී භූගෝලිය වශයෙන් හුදකලාවීමෙන් රට තවදුරටත්  ආරක්‍ෂා කළ නොහැකි බවයි ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක බලධාරීන් පෙන්වා දී ඇත්තේ. 

චීනය සහ තායිවානය අතර පවතින උණුසුම් වාතාවරණයද ඕස්ට්‍රේලියාව මෙවැනි ආරක්‍ෂක ක්‍රියාමාර්ග තර කිරීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.