Tuesday, May 7, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ න්‍යෂ්ටික බලය අමෙරිකාව අතට ගනී




උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට එරෙහිව අමෙරිකාව සහ දකුණු කොරියාව සුවිශේෂී ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ අනුව අමෙරිකාවට අයත් න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ සබ්මැරීන කාලානුරූපීව දකුණු කොරියාව වෙත යෙදවීමට හා සිය න්‍යෂ්ටික සැලසුම් මෙහෙයුම් සඳහා දකුණු කොරියාව සම්බන්ධ කර ගැනීමට වොෂිංටනය එකග වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ වෙනුවට දකුණු කොරියාව ස්වයං න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකිරීමට එකගත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.  

මෙම වොෂිංටන් ප්‍රකාශනය මගින් උතුරු කොරියාවෙන් එල්ල වන ප්‍රහාරවලට එරෙහිව මිත්‍ර රටවල සහයෝගීතාව ශක්තිමත් කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

දෙරට මෙම ගිවිසුමට එළඹ ඇත්තේ දකුණු කොරියානු ජනාධිපති යුන් සෝ කියෝල් අමෙරිකාව් සංචාරයක නිරත වී සිටි පසුබිමක් තුළයි.