Tuesday, April 30, 2024

General line - 0115112241

අමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් - 08 දෙනෙකුට දිවි අහිමි වෙයි




අමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් තුළ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

තුවක්කුකරුවෙකු සිදු කළ අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධියත් සමඟ සාප්පු සංකීර්ණයේ සිටි සිය ගණනක පිරිසක් බලධාරීන් විසින් ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.

අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකදී සැකකරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස අතර දරුවන්ද වන බව සඳහන්. ඔවුන් අතර වයස අවුරුදු 5ක දරුවෙකුද වන බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තුවක්කුකරු එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තතත්වය බරපතල බවද සඳහන්.