Friday, May 17, 2024

General line - 0115112241

පාකිස්තානයෙත් - පලස්තීනයේත් ගිනි ඇවිලේ




හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්තානය තුළ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා මෙතෙක් අවසන්වී නැතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මේ දක්වා පැවති විරෝධතාවලට එක්වූ දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 08 ක්.

ඇතැම් ප්‍රදේශවලට යුධ හමුදාව පවා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රට පුරා විරෝධතා ද පැවැත්වෙනවා. 

මේ අතර ඊශ්‍රායල්, පලස්තීන ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයද උණුසුම්වී තිබෙනවා.

ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ ක්‍රියාත්මක පලස්තීන - ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ අණදෙන නිලධාරියෙක ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ දිනය තුළ පමණක් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ඉලක්ක 130 කට ප්‍රහාර එල්ල කර තිබුණා.

ගාසා තීරයේ සටන්කාමීන් ද ඊශ්‍රායලයට එල්ලකර තිබූ රොකට් ප්‍රහාර සංඛ්‍යාව 500 ක්.