Friday, May 17, 2024

General line - 0115112241

රුසියාව නිසා අමෙරිකාව දකුණු අප්‍රිකාව සමගත් පැටලෙයි




යුක්රේන යුද්ධය පදනම් කර ගනිමින් අමෙරිකාව දකුණු අප්‍රිකාව වෙත චෝද්නවක් එල්ල කර තිබෙනවා.

අමෙරිකාව පැවසුවේ දකුණු අප්‍රිකාව රුසියාවට ආයුධ සපයා ඇති බවත් යුක්රේන යුද්ධයේදී දකුණු අප්‍රිකාව මධ්‍යස්ථව කටයුතු කර නැති බවත්ය.

මේ අතර දකුණු අප්‍රිකාවේ අමෙරිකානු තානාපති රූබන් බ්‍රිජෙටි පවසා ඇත්තේ රුසියානු යාත්‍රාවක් දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් ආයුධ සහ පතොරම් රැගෙන් යාත්‍රා කර ඇති බවයි.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට ජනාධිපති සිරිල් රමපෝසා පැවසුවේ යුක්රේන අර්බුදයේදී සිය රට මධ්‍යස්ථව කටයුතු කළ බවයි.

කෙසේවෙතත් අමෙරිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ නියෝගයක් හමුවේ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.