Saturday, May 11, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සැරසෙයි




පාකිස්තානය තුළ පවතින දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා.

ඒ, එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඔහු මුදා හැරිමත් සමගයි.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය අප්‍රසාදය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එමෙන්ම ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙනත් ක්‍රම සොයා ගන්නා බවද පාකිස්තාන රජය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගන්නා බවයි පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා එරට රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ. අධිකරණය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පාකිස්තානයේ පාලක පක්ෂය ද චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.