Thursday, May 2, 2024

General line - 0115112241

ණය සීමාව වැඩි කිරීමෙන් රටේ ආර්ථිකයට තවත් ප්‍රශ්නයක්




රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත හැකි දේශීය ණය සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මුදල් සැපයුමේ වැඩි වීමක් නිර්මාණය වන බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ඒ හරහා රට තුළ උද්ධමනකාරී ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

එවන් පසුබිමක් තුළ මේවන විට පවතින දේශීය ණය ප්‍රමාණය ද පාලනය කිරීමට නොහැකි වනු ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.

දේශීය ණය සීමාව ඉහළ දැමීම හේතුවෙන් එම මුදල බද්දක් ලෙස අනාගතයේදී ජනතාවට ගෙවීමට සිදු වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් භාණ්ඩාගාර බිල්පත් මඟින් ණය ලබා ගැනමේ සීමාව ඉහළ දැමීමෙන් රජයට පාඩුවක් සිදු නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.