Thursday, May 2, 2024

General line - 0115112241

දේපළවලට හානි සිදුකළ පිරිස් අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශවලට පකිස්තාන අගමැතිගෙන් පැය 72 ක්




හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග ඇතිවූ කලහකාරී තත්ත්වයේදී රාජ්‍ය හා මහජන දේපළවලට හානි සිදුකළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍යවරයා විසින් ඒ සඳහා ආරක්ෂක අංශ වෙත පැය 72 ක කාලයක් ලබාදී ඇති බවයි.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත පවසා ඇත්තේ.

ආරක්ෂක අංශ සමග ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බව ද සඳහන්. 

පකිස්තානයේ පී ටී අයි පක්ෂයේ සභාපති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පකිස්තානය පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වුණා.

එහිදී පී ටී අයි පක්ෂයේ ආධාකරුවන් නොසන්සුන්ව හැසිරීම හමුවේ ඔවුන් පොලිස් ස්ථාන මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ද ප්‍රහාර එල්ල කර ගිනි තැබීම් සිදුකළා.

එම තත්ත්වයන් පාලනය වූයේ ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කිරීමත් සමගයි.

කෙසේවෙතත් පකිස්තාන රජය පී ටී අයි පක්ෂයේ ප්‍රබලයින් අත්අඩංගුවට ගනිමින් මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.