Thursday, May 2, 2024

General line - 0115112241

කූරගල පිංබිමේ නේත්‍රාලෝක වෙසක් කලාපය අදින් අවසන්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය අදින් අවසන් වනවා.

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන වෙසක් කලාපයට සමගාමීව වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ සිට ආගමික වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වුණා.

ඒ, එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.

එම වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව හරහා සජීවීව ප්‍රචාරය කිරීමටද කටයුතු කරනු ලැබුවා.

අද දිනයේ පැවැත්වෙන ආගමික වැඩසටහන් සහ වෙසක් කලාපයේ තොරතුරු ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්. 

ආයුබෝවන් දර්ශන.

ස්තූතියි දර්ශන.