Wednesday, May 8, 2024

General line - 0115112241

මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද වැඩියෙන්ම කප්පාදු වුන යුගය

නිහාල්සිරි ගම්ලත්




මහජන නියෝජිතයන් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද, එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගී ඇති මොහොතක , එවැනි ජනප්‍රිය යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.