Tuesday, May 7, 2024

General line - 0115112241

යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට




සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ.

එලෙස සිය රටට ඇතුළු වූ කඩාකප්පල්කාරී කණ්ඩායම කවුරුන්ද යන්න සොයා බලමින් සිටින බව ද රුසියානු බලධාරීන් පවසනවා. 

ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එලල් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන් දේශසීමා ආසන්නයේ පිහිටි නගරයක් වන “කොසින්කා” සම්පූර්ණයෙන්ම මුදා ගත් බවයි.

ඔවුන්ගේ බල ඇණයක්ි තවත් නගරයකට ලගා වී ඇති බව ද ඔවුන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.