Friday, April 19, 2024

General line - 0115112241

මුම්බායි පිළට පෙරලිකාර IPL ක්‍රිකට් ජයක්




ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක අවස්ථාවේදී පෙරළිකාර ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

එම ජයග්‍රහණයත් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ෂඡඛ අවසන් මහා තරඟය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට හැකිවී තිබෙනවා. 

ඊයේ පැවති තීරණාත්මක තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඬුලු 8 ක් දැවී ලකුණු 182 ක් රැස් කළා.

එහෙත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 3 කදී සියලුදොනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ආකාෂ් මද්වාල් පන්දුවාර 3 යි පන්දු 3 කදී ලකුණු 5 කට කඬුලු 5 ක් බිඳ හෙලීම විශේෂත්වයක්.

එය සැලකුණේ ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසයි.

එමෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්ලේ ඕෆ් හෙවත් දෙවන වටයේදී කඬුලු 5 ක් බිඳ හෙලූ පළමු පන්දු යවන්නා ලෙසටද ඔහු ඉතිහාසගත වුණා. 

මෙම ජයග්‍රහණයත් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හෙට දිනයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ තරඟවැදීමට නියමිතයි.

එම තරඟයෙන් ජයගන්නා කණ්ඩායමට මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවනවා.

අවසන් මහා තරඟය ලබන ඉරිදා පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමඟයි.