Tuesday, April 23, 2024

General line - 0115112241

කොන්ත්‍රාත්කරුවන්ට පියවූ හිඟ මුදල් ගැන රාජ්‍ය ඇමති කියයි

නිහාල්සිරි ගම්ලත් / තිසර සමල් සෝමරත්න




සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදල්වලින් රුපියල් බිලියන 225 ක් ඊයේ වන විට ගෙවා අවසන් කළ බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

2022 වසරේ විශ්‍රාම පාරිතෝෂික පවා තවමත් ගෙවා නැතැයි මෙහිදී අනාවරණ කෙරුණා.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවත් ශක්තිමත් වුණා.   ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව අද වන විට ඩොලරයක ගැණුම් මිල දැක්වුණේ රුපියල් 295 යි ශත 62 ක් ලෙසයි.