Friday, April 26, 2024

General line - 0115112241

ලෝකයට බලපාන දැවැන්ත සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්




දේශගුණික විපර්්‍යාස හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ දිය යට නායයාමක් සිදුවී පෘථිවියේ දකුණු පසින් වන සාගරයේ දැවැන්ත සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම පරීක්ෂණයකින් අනාවරණ කර තිබෙනවා.

එම පර්යේෂණයෙන් හෙළි කරගෙන ඇත්තේ මීට වසර මිලියන 3 ත්, මිලියන 15 ත් අතර කාලයකදී මෙලෙසම දැවැන්ත සුනාමි රළ තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි.

එමඟින් දකුණු අමෙරිකාව, නවසීලන්තයේ සිට ගිණිකොණදිග ආසියාව දක්වා සුනාමි රළ විහිදී ගොස් ඇති බව අනාවරණ කර තිබෙනවා. පවතින ගෝලීය උණුසුම හමුවේ එවැනි සුනාමි තත්ත්වයක් නැවත වරක් මතුවීමේ ඉඩක් පවතින බවයි මෙම විද්‍යාඥයින් කණ්ඩායම හෙළිකරගෙන ඇත්තේ.

මෙම පර්යේෂණයට සම්බන්ධ වූවන් ඇන්ටාක්ටිකාවට ආසන්න ප්‍රදේශයේ මීට අදාළ පර්යේෂණ ආරම්භ කරන්නේ 2017 වසරේ සිටයි. දේශගුණික විපර්්‍යාස හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර මේ වන විටද දියවෙමින් පවතින බවද මෙම පර්යේෂණයේදී ද අනාවරණය කරගෙන තිබෙනවා.

එවැනි තත්ත්වයක් මත යළිත් දැවැන්ත නායයෑම් හෝ සුනාමි ඇතිවීමට ද ඉඩක් පවතින බවයි මෙමඟින් වැඩිදුරටත් හෙළි කරගෙන ඇත්තේ.