Friday, April 26, 2024

General line - 0115112241

ඩොලරය මෙච්චර අඩුවන්නේ ඇයි ?




රටින් පිටවන ඩොලර් ප්‍රමාණය අඩුවී රටට ගලාඑන ඩොලර් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් රුපියල ශක්තිමත් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

රට තුලට ගලාඑන ඩොලර් ප්‍රමාණය වැඩිවීමට හේතු සම්බන්ධයෙන් ඔහු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

ඩොලර් බිලියන 4 යි දශම 4 යි 8 ක පමණ මුදලක් වසරක් තුළ රට තුළ ඉතිරිවූ බවද මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ තවත් ශක්තිමත් වුණා.   ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඊයේ වන විට ඩොලරයක ගැණුම් මිල දැක්වුණේ රුපියල් 295 යි ශත 62 ක් ලෙසයි.