Thursday, May 2, 2024

General line - 0115112241

මංගල රාත්‍රියේදීම දෙදෙනාම එකට අවසන්ගමන් යයි




අලුත විවාහ වූ යුවළක් ඔවුන්ගේ මංගල රාත්‍රියේදී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස 22ක් පමණ වන  ප්‍රතාප් යාදව්ස සහ ඔහුගේ බිරිඳ වන 20 හැවිරිදි පුෂ්පා දේවි නම් දෙපලයි.

මොවුන් දෙදෙනා ඉකුත් මස 30වෙනිදා විවාහ දිවියට එළඹී ඇති අතර විවාහය දා රාත්‍රියේ යුවළ ප්‍රතාප් යාදව්ගේ නිවසේ චාරිත්‍රානුකූලව නතර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

පසුව දා උදෑසන ඥාතීන් පැමිණ කතා කළද ඔවුන් කාමරයෙන් එළියට නොපැමිණි නිසා දොර කඩා පරීක්ෂා කර ඇති අතර එහිදි ඔවුන් දෙදෙනා කාමරය තුළ මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළ වී ඇත්තේ හෘදයාබාධයකින් මේ දෙදෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිසිය පැමිණ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණයට යවා ඇති අතර මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය නොමැති කමින් මොවුන් දෙදෙනාට හුස්ම ගැනීමට අපහසු වී ඇති බවත් ඔවුන් හෘදයාබාධයකින් පෙළුණු බවත්ය.

මේ අතර මෙම සිද්ධියේ අභිරහසක් ඇති බවත් ඔවුන්ගෙන් කිසිවෙකුට හෘදයාබාධයක් නොතිබූ අතර දෙදෙනා එක්ව හෘදයාබාධයකට ගොදුරු වන්නේ කෙසේද? බවත් ඥාතීන් චෝදනා කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් එරට පොලිසිය පවසන්නේ කාමරයේ වාතාශ්‍රය නොතිබූ  නිසා නිදා සිටියදී හුස්ම හිරවීම නිසා හෘදයාබාධය ඇතිවන්නට ඇති බවයි.