Thursday, May 2, 2024

General line - 0115112241

තුර්කි ජනාධිපතිවරයාගේ ඡායාරූපයක රැවුලක් ඇඳි දරුවෙකු සිරගෙට




තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගන්ගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටරයක උඩු රැවුලක් ඇඳීම සම්බන්ධයෙන් 16 හැවිරිදි බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන සිරගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ තුර්කියේ මර්සින් නගරයේ වෙසෙන අදාළ බාලවයස්කරු තම නිවස අසල තිබූ පෝස්ටරය පෑනකින්  හිට්ලර්ගේ උඩු රැවුලට සමාන උඩු රැවුලක් අර්ඩගොන්ගේ මුහුණේ ඇඳ ඇති බවයි.

එමගින් ජනාධිපතිවරයාට අපහාස කළ බවටයි අදාළ බාලවයස්කරුට චෝදනා එල්ල වී ඇත්තේ. 
සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීම මගින් ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉකුත් මැයි 28 වැනිදා පැවති තුර්කි ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු පස් අවුරුදු ධුර කාලයක් සඳහා ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගෝන් තුර්කියේ බලය නැවත හිමිකර ගත්තා.

ඒ අනුව ඔහුගේ ධූර කාලය දශක 02 කට ආසන්න වනවා. කෙසේ වෙතත් රිසෙප් තායිප් අර්ඩෝගන්ට චෝදනා එල්ල වන්නේ ඔහු තුර්කිය තුළ ඒකාධිපති පාලනයක් ගොඩනැගීමට උත්සහ කරන බවටයි.