Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ ගල්ෆ් වෙරළ තීරයෙන් අනතුරුදායක විය හැකි බැක්ටීරියා විශේෂයක් 




අමෙරිකාවේ ගල්ෆ් වෙරළ තීරයෙන් අනතුරුදායක විය හැකි බැක්ටීරියා විශේෂයක් සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳව එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට සෞඛ්‍ය බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ  බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් තිදෙනෙක් මේවනවිට සොයා ගෙන ඇති බවයි.

ඔවුන් එකම ප්‍රදේශයක බව ද වාර්තා වනවා.

කෙසේ මෙම බැක්ටීරියාව සියයට 50ක මරණ අනුපාතයක් ඇති කළ හැකි බවටයි බලධාරීන් අනතුරු අගවා ඇත්තේ.

තවද  බැක්ටීරියාව ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට දරුණු රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් දියවැඩියාව හෝ වකුගඩු හා අක්මා ආබාධ ඇති අය වඩාත් අවදානමට ලක් විය හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් පවසා තිබෙනවා.

ශරීර වේදනාව හෝ ඉදිමීම, උණ, කැස්ස, පපුවේ වේදනාව, අධික උණ සහ හිසරදය එම රෝගීන්ගේ පොදු රෝග ලක්ෂණ වන බව සඳහන්.

බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් තිදෙනාම මේවනවිට  සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.