Friday, May 10, 2024

General line - 0115112241

චීනයේ විවාහ වන පිරිස වාර්තා ගත ලෙස පහළට




2022 වසරේදී චීනයේ විවාහ දිවියට එළඹෙන පිරිස වාර්තා ගත ලෙස පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, චීනයේ උපත් අනුපාතය සහ ජනගහනය ද පෙර නොවූ විරූ පරිදි පහත වැටී ඇති පසුබිමක් තුළයි.

චීනයේ සිවිල් කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, 2022 වසරේදී මනාල මනාලියන් මිලියන 6.8 ක් පමණ සිය විවාහ ලියාපදිංචි කර තිබෙනවා.

එම දත්තවලට අනුව චීනය තුළ 2021 වසරේදී විවාහ දිවියට එළඹ ඇති අතර මනාල මනාලියන් ගණන මිලියන 7.63 ක්.

ඒ අනුව 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී චීනයේ විවාහ වීමේ ප්‍රතිශතය 10.5% කින් අඩු වී තිබෙනවා.

1986 සිට පවතින රජයේ දත්ත සමග සසඳා බැලීමේදී එම වසරේ සිට ගත් කළ චීනයේ විවාහයන් අඩුම සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ 2022 වසරේදීයි.

එලෙස විවාහ වන සංඛ්‍යාව පහත වැටීම සඳහා චීනය තුළ ක්‍රියාත්මක කළ දැඩි කොරෝනා රෙගුලාසි බලපෑමක් එල්ල කර ඇති බවයි විචාරකයන් පවසන්නේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චීන බලධාරීන් රට තුළ දැඩි නීති පද්ධතියක් ක්‍රියාත්මක කළ අතර ඒ හමුවේ බොහෝ පිරිසක් සිය නිවෙස් තුළට කොටු වී සිටියා.

එමෙන්ම රැකියා සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් චීනයේ තරුණ තරුණියන් බොහෝවිට විවාහ දිවියට එළඹීමට මැලිකමක් දක්වබ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම රැකියා අහිමි වීම සම්බන්ධයෙන් පවතින අවධානම හමුවේ චීනයේ ඇතැම් කාන්තාවන් දරුවන් බිහි කිරීමට කැමැත්ක් නොදක්වන බව ද විදෙස් මාධ්‍ය වර්තා කළා