Tuesday, May 7, 2024

General line - 0115112241

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත ගැන තවත් පිරිසකට ප්‍රශ්ණයක්




යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සුබවාදීව කටයුතු කළ කණ්ඩායම්ද මේ වන විට ගැටළුවකට මුහුණදී ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පවසනවා.

එම කෙටුම්පතේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් හටගෙන ඇති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

මාධ්‍ය නීති සංසඳයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතීඥ ප්‍රබෝධ රත්නායක ද එහිදී අදහස් පළ කළා.

 

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ශව රැසක් විරෝධය පළ කරනවා.