Tuesday, May 7, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනියක් STF අත්අඩංගුවට




විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් වන කොලොන්නාවේ ධනුෂ්ක හා චන්දනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සජිවනි රූපිකා නොහොත් “සජී අක්කා” නමැති සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය, කොහිලවත්ත කුඩා බුත්ගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 252 ක් හා ජාවාරමෙන් උපයාගත් රුපියල් හාරලක්ෂ 61,300 ක් මුදලක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.