Friday, May 10, 2024

General line - 0115112241

ඌරුබොක්කේ ගුරුවරිය ඝාතනය කළ හේතුව හෙළි වෙයි




මාතර, ඌරුබොක්ක, දොලමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ගුරුවරියක් ඝාතනය කර ඇත්තේ පෞද්ගලික අමනාපයක් හේතුවෙන් බව පොලිස් විමර්ශණවලදී අනාවරණයවී තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු සියදිවි නසාගැනීමට උත්සාහ කරන බවටද වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.


එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ දම්පහල මහා විද්‍යාලයේ ගුරුවරියක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.