Saturday, May 11, 2024

General line - 0115112241

දරුණු සුළි කුණාටුවක් පාකිස්තානයට සහ ඉන්දියාවට කඩාවදි




දරුණු සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඉන්දිය හා පාකිස්තාන ජනජීවිතයට බලපෑම් එල්ලවී තිබෙනවා.

“බිපාර්ජෝයි” ලෙස නම්කර ඇති මෙම සුළි කුණාටුව අද දිනයේ පාකිස්තානයට සහ ඉන්දියාවට කඩාවදිනු ඇති බවටයි අනුමාන කරන්නේ.

ඒ හේතුවෙන් මේ වන විටත් පුද්ගලයින් දසදහස් ගණනක් සිය ප්‍රදේශවලින් ඉවත් කිරීමට දෙරටේම බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම සුළි කුණාටුව පළමුවෙන් ඉන්දියාවට කඩාවදින්නේ බටහිර ගුජරාට් ප්‍රාන්තයෙන්.

පාකිස්තානයට සින්ද් පළාතෙන් සුළි කුණාටුව රටට ඇතුල්වනු ඇති බවටයි කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇත්තේ.

ඒ සමඟම ගුජරාට් ප්‍රාන්තයේ සිටි පුද්ගලයින් 38,000 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

මේ වන විටද පවතින අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 07 දෙනෙකුට ජීවිත අහිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තානයේද පුද්ගලයින් 65,000 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.