Friday, May 10, 2024

General line - 0115112241

ග්‍රීක මුහුදේ ගිලී ගිය බෝට්ටුවේ ළමුන් 100 ක්




ග්‍රීසියේ දකුණුදිග වෙරළට ඔබ්බෙන්වූ මුහුදු සීමාවේදී සිදුවූ දරුණු යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.

අනතුරින් දිවි බේරාගත් පුද්ගලයින් පවසා ඇත්තේ යාත්‍රාව තුළ ළමුන් 100 ක් පමණ සිටි බවයි.

එම අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ පුද්ගලයින් 750ක් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ සිදුවූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් සිය ගණනක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ග්‍රීසියේ සිදුවූ දරුණුතම සංක්‍රමණික ඛේදවාචකය ලෙසටයි සැලකෙන්නේ.

මෙම පිරිස ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඉන් බහුතරය වයස අවුරුදු 20 සීමාවේ පසුවූ තරුණයින්.