Tuesday, May 7, 2024

General line - 0115112241

වලස්මුල්ලේත් වෙඩි තැබීමක්




වලස්මුල්ල, යහල්මුල්ල, ගණේගොඩ ප්‍රදේශයේදී ද සිදුවූ වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන් වලස්මුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

හිටපු පොලිස් නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි අනාවරණ වී් ඇත්තේ.

ඊයේ රාත්‍රියේ 09 යි 30 සිට අද පෙරවරු 08 දක්වා කාලය තුළ ප්‍රදේශ 03 ක සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම වෙඩි තැබීම් සිදුවුණේ හෝමාගම, කොට්ටාව සහ කොස්ගොඩ ප්‍රදේශවලදී්යි.