Saturday, May 4, 2024

General line - 0115112241

ගුවන් හමුදාපති තුමන් විසින් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරේ




ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරි ගැන්විමේ අරමුණින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 

වත්මන් ආර්ක්ෂක සේවා ක‍්‍රිඩා කවුන්සලයේ සභාපතිතුමන් වන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් 2023 ලෝක ආරක්ෂක සේවා බිචි වොලිබෝල් තරගාවළිය සාර්ථකව සංවිධානය කිරිම වෙනුවෙන් ලෝක ආරක්ෂක සේවා ක‍්‍රිඩා කවුන්සලය විසින් නිර්දේශ කරනු ලැබු නයිටි ගෞරව නාමය ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ හා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ ලේකමි ගෲප් කැප්ටන් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු හට ප‍්‍රධානය කිරිම ද මෙහිදි සිදුවිය. 

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග සදහා සහභාගි වු හා ජයග‍්‍රහන ලැබු රග්බි, මල්ලවපොර, බොක්සිං, ජුඩෝ, කැරමි, බිචි වොලිබෝල්, ස්කොෂ්, ටයිකෝඩෝ සහ පාපැදි ක‍්‍රිඩා කණ්ඩායමි හා 2022 ජාතික බොක්සිං ශුරතාවළියේ වසරේ හොදම බොක්සිං ක‍්‍රිඩිකාව වු නායක ගුවන් කන්තා මල්ෂානි හා 2023 වසරේ 4 වන ලෝක ආරක්ෂසේවා බිචි වොලිබෝල් තරගාවලියේදි කාන්තා අංශයේ අනුශූරයන් වු කොප‍්‍රල් ප‍්‍රසාදිනි , කොප‍්‍රල් තුෂාරි යන කි‍්‍රඩිකාවන් හට සමරු තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමිම ද මෙහිදි සිදු කරන ලදි.  

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත ලේකම්වරුන්, කී‍්‍රඩා සංචිත කළමණාකරුවන් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී විය.