Wednesday, May 8, 2024

General line - 0115112241

ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් නොකළහොත් රට අමාරුවේ - ජනපති ජාත්‍යන්තරයට කියයි




ශ්‍රී ලංකාව මූල්‍ය සහ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළකට සම්බන්ධ වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ප්‍රතිව්‍යුහගතකරණයද අත්‍යාවශ්‍ය බවයි.

එය කඩිනමින් සිදු නොකළ හොත් පහළ ආදායම් ලබන සහ මධ්‍ය අදායම් ලබන රටවලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදුවන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

කෙතරම් දැඩි පීඩනයක් තිබුණද බංකොලොත්භාවය ලබන්නට පෙර මෙම ප්‍රශ්න සමනය කර ගැනීමට තිබුණා නම් එය විශාල පහසුකවක් වනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ.

ඒ, පැරිස් නුවරදී ආරම්භ වූ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමින්. 

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බවද පෙන්වා දුන්නා.