Wednesday, May 8, 2024

General line - 0115112241

නීති විරෝධී ගිනි අවි ගැන ඔත්තු දෙන පුද්ගලයින්ට ලැබෙන ත්‍යාග මුදල මෙන්න




රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුරවන්ට ලබා දෙන  ත්‍යාග මුදල ඉහළ නැංවීමට පොලිස්පති සී ඩී වික්‍රමරත්න තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අද සිට ජුලි මස 31වනදා දක්වා කාලය තුළ සිදු කරනු ලබන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ත්‍යාග මුදල් පිරිනැමීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව  සැකකරුවෙකු සමඟ ටී 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුට ගෙවන මුදල රුපියල් දෙලක්ෂ 50ල000ක්ග 
ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලික ඔත්තුකරුවන් සඳහා ද රුපියල් දෙලක්ෂ 50ල000 ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

සැකකරුවෙකු නොමැතිව ටී 56 වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුට පිරිනමන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 02 ක් වනවා.

ඔත්තුකරුවෙකුට හිමිවන මුදල් රුපියල් දෙලක්ෂ 50,000 ක්.

රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන්ට ලබා දෙන  ත්‍යාග මුදල සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්.