Wednesday, May 8, 2024

General line - 0115112241

බන්ධනාගාර නිල ඇඳුමෙන් සැරසී පලා ගිය රැඳවියා මරදානේදී කොටුවෙයි




බන්ධනාගාර නිලධාරීයෙකුගේ නිල ඇඳුමකින් සැරසී වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගිය සිරකරුවෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පලාගොස් ඇත්තේ මරණ දඬුවමට ලක්ව සිටින සිරකරුවෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔහු බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිල ඇඳුමක් පැළඳ අද පෙරවරු 9යි 30 ට පමණ වැලිකඩ බන්ධනාගාර දොරටුවෙන් පිටතට පැමිණ ඇත්තේ රාජකාරි සිදුකළ නිලධාරීන් කිහිප දෙනෙකුට ආචාර කරමින් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

පිටතට පැමිණි ඔහු කඩිනමින් ත්‍රී රෝද රථයක් නවත්වා එහි ගමන් කරන අවස්ථාවේ ඒ පිළිබඳ සැක සිතූ බන්ධනාගාර නිලධාරීන් ත්‍රී රෝද රථය හඹා ගොස් තිබෙනවා.

අනතුරුව මරදාන ප්‍රදේශයේදී සිරකරු අත්අඩංගුවට ගෙන යළි වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සඳහන් කළේ.