Friday, May 10, 2024

General line - 0115112241

මෙරට නිෂ්පාදිත ගිනි අවි ගැන ඔත්තු දෙන අයට තෑගි මුදල් නෑ




රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන්ට ලබා දෙන  ත්‍යාග මුදල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් සහිතව නිකුත් කළ ලේඛනය දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනිඅවි සඳහා වලංගු නොවන බව පොලීසිය පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ එම මුදල් ත්‍යාග ලබාදීමේ තීරණය වලංගු වන්නේ විදේශීය රටවල නිෂ්පාදනය කළ ගිනි අවි සඳහා පමණක් බවයි.