Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දීය අගමැති සහ ඊජිප්තු ජනාධිපති අතර හමුවක්




සිය අමෙරිකානු සංචාරය නිමා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ඊජිප්තුවට පැමිණ සිටිනවා.

ඒ, රාජ්‍ය සංචාරයක් සඳහායි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ධූර කාලය අතරතුර ඊජිප්තුවට පැමිණි පළමු අවස්ථාවද මෙය වනවා.

මෙම රාජ්‍ය සංචාරය සිදු කරන්නේද ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී ගේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව, ඊජිප්තුවට පැමිණී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්ද පැවැත්වුණා.

එහිදී ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කර ගැනීම සහ ගෝලීය හා කලාපීය අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ද්වාපාර්ශ්වික සාකච්ඡාවලට සමගාමිව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.