Monday, May 6, 2024

General line - 0115112241

කැරලි ගැසූ වැග්නර් හමුදාවට පුටින්ගෙන් සහනයක්




රුසියාවට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ වැග්නර් කුලී හමුදාවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යළිත් අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ව්ලැදිමීර් පුටින් පවසන්නේ වැග්නර් කුලී හමුදා සාමාජිකයින්ට අවශ්‍ය නම් යළි රුසියානු හමුදාව සමග එක්ව යුක්රේනයට එරෙහි යුද්ධයට දායක විය හැකි බවයි.

නැතිනම් ඔවුන්ට බෙලරූස් රාජ්‍යය වෙත යාමට අවස්ථාව පවතින බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ රුසියාව අස්ථාවර කිරීමට බව ද ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබෙනවා.

මේ අතර වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වූයේ රුසියානු නායකත්වය පෙරළා දැමීම නොව වැග්නර් හමුදාවේ විනාශය වළක්වා ගැනීම බවයි.

වැග්නර් නායකයා මේවනවිට බෙලරූස් රාජ්‍යයේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඉකුත් දා සිය 25,000 ක් වන හමුදා කණ්ඩායම සමග දේශසීමා හරහා රුසියාවට ඇතුළු වී මොස්කව් අගනුවරට ඇතුළු වීමට උත්සහ කළේ රුසියානු නායකත්වයට ද අභියෝග කරමින්.

වැග්නර් යනු රුසියාවේ අනුග්‍රහය ලබන කුලී හමුදා කණ්ඩායමක්.

ඔවුන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට  පක්ෂපාතී බව ප්‍රකටයි.

කෙසෙවෙතත් වැග්නර් කුලී හමුදාව සහ රුසියානු ආරක්ෂක අංශ අතර මතභේදාත්මක තත්ත්වයක් පවතිනවා.

ඉකුත්දා වැග්නර් හමුදාව ආරම්භ කළ කැරැල්ලට හේතුවුනේ ද එයයි.