Saturday, May 11, 2024

General line - 0115112241

ඇමති මණ්ඩලයට සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්




අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම එම අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ද හෙට පස්වරු 5ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී විශේෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ. 

මේ අතර, පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ලබන 30වනදා දක්වා කල් දමා තිබෙනවා.

එම පක්ෂ නායක රැස්වීම එදින පෙරවරු 9ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ මෙම පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.