Saturday, May 11, 2024

General line - 0115112241

නීතිපති සහ මුදල් ලේකම්වරයා ඉදිරිපත් කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

උදයකුමාර




නියමිත පරිදි ඉකුත් මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකරගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිත් කර තිබුණේ ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින්. ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේවනවිට සිදුවනවා.