Friday, May 10, 2024

General line - 0115112241

රට දියුණු කරන්න සියලු අංශයන් එක්විය යුතුයි - සාගල කියයි




රට දියුණු කිරීම සඳහා සියලු අංශයන් නිසි වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පවසනවා.

නිවැරදි තාක්ෂණය යොදා ගනිමින් කටයුතු කිරීම හරහා දූෂණ හා වංචා වැළැක්වීමට හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 


මේ අතර අස්වැසුම ප්‍රතිලාභි වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවට එක් වෙමින් එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.