Monday, May 6, 2024

General line - 0115112241

පකිස්තානයේ කරච්චි නුවර වැසියන් දැඩි මූල්‍ය අර්බුදයක




පකිස්තානයේ කරච්චි නුවර වැසියන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පෑ ඇතැයි වාර්තා වනවා.

ඊට හේතුව වන්නේ කරච්චි නුවර ස්ථාපිත බොහෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල මුදල් නොමැති වීමයි.

අද දිනය පුරාවට කරච්චි වැසියන් අවස්ථා ගණනාවක තමන්ට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙත ගිය ද ඒවායෙහි මුදල් නොමැති බවයි වාර්තා වන්නේ.

ගනුදෙනුකරුවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ ද මුදල් අවසන් වූ ටෙලර් යන්ත්‍ර සඳහා මුදල් යළි ඇතුළත් කිරීමට අදාළ බැංකු පියවර ගෙන නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හජ්ජි උත්සවය හෙටට යෙදී තිබෙන පසුබිමක් තුළ මුදල් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කරච්චි නුවර වැසියන දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.