Thursday, May 2, 2024

General line - 0115112241

හෝමාගම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු STF මෙහෙයුමකදී මියයයි




ඉකුත් ජුනි මස 20 වන දින හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් අදාළ සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හොරන්පැලැල්ල, මහගම ප්‍රදේශයේ පිහිටි සැකකරු රැඳී සිටි නිවස නිලධාරීන් විසින් වටලා තිබුණා. එහිදී සැකකරු විසින් පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර එම නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු තුවාල ලබා තිබෙනවා. එහිදී සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. ඇත. එලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි මාබොදල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.